අගමැති හදිසියේ හිටපු මන්ත්‍රීවරු කැදවයි

by admindasun
0 comment 34 views

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කල සියලු මන්ත්‍රීවරුන් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පවතින කොවිඩ් – 19 වසංගතය සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබදව මෙම හමුවේදී සාකච්ඡා කිරීමට නියමිත අතර මෙම හමුව ලබන සදුදා (04) උදේ 10ට අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

මේ වන විට යළි පැරණි පාර්ලිමේන්තුව කැදවන ලෙස විපක්ෂයේ සියලු පක්ෂවලින් ඉල්ලීමක් කර ඇතිි අතර දෙමළ ජාතික සන්ධානය ඇතුළුව විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරු රැසකගේ අත්සනින් යුතු ලිපියක් පසුගියදා ජනාධිපතිවරයා වෙත යොමු කරමින් ඉල්ලා සිටියේ කොවිඩ් – 19 වසංගතය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියා මාර්ගවලට තම සහයෝගයද ලබා දීමට සූදානම් බවය.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment