කොවිඩ් අතර ඩෙංගුත් හිස ඔසවන ලකුණු

by admindasun
0 comment 37 views

ලෝකය පුරා මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් – 19 වසංගතය වැළැක්වීම කෙරෙහි සියලු දෙනාගේ අවධානය යොමු වී ඇති තත්ත්වයක් තුළ ඩෙංගු, මී උණ වැනි වසංගත තත්ත්වයන්ද ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේය.

විශේෂයෙන් එළඹෙන මෝසම් වැසි සමග මෙවැනි රෝග තත්ත්වයන් ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

මේ සම්බන්ධයෙන් වූ ඉදිරි ක්‍රියා මාර්ග සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ වසංගත රෝග විද්‍යා ඒකකයේ නිළධාරීන් අතර අද දින විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණි.

මේ පිළිබදව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ කොවිඩ් – 19 වසංගත තත්ත්වය තුළ හැම කෙනෙකුම පාහේ නිවෙස්වල රැදී සිටින නිසාවෙන් ඉදිරි වැසි කාලයට පෙර ඩෙංගු වැනි රෝග තත්ත්වයන් වළක්වා ගැනීමට තම නිවස අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම සිදු කළ හැකි බවයි.

එසේම ඩෙංගු වැනි රෝග තත්ත්වයන් පැතිරීම සදහා හේතුවන මදුරුවන් බෝවීම වැළැක්වීමට එවැනි ස්ථාන නිවස අවට සහ වටපිටාවේ ඇත්නම් ඒවා ඉවත් කර පිරිසිදු කර ගැනීමට මේ සුදුසුම කාලය බවත් අමාත්‍යවරිය පැවසුවාය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment