කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක 21ක හෙට උදේ 05ට ලිහිල් කෙරෙන ඇදිරි නීතිය යළි රාත්‍රි 08ට පැනවීමෙන් පසුව මැයි 04 වනදා (සදුදා) දක්වා ක්‍රියාත්මක වන බව මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.
මීට පෙර කරන ලද නිවේදනයට අනුව අදාළ ප්‍රදේශවල ඇදිරි නීතිය බ්‍රහස්පතින්දා රාත්‍රි 08ට යළි පැනවීමෙන් පසුව සිකුරාදා උදේ 05ට ලිහිල් කිරීමෙන් අනතුරුව යළිත් රාත්‍රි 08ට පැනවීමට නියමිතව තිබුණි. එසේ යළි පනවන ඇදිරි නීතිය ඉවත් කිරීමට නියමිතව තිබුණේ සදුදා උදේ 05ට පමණය.
මීට අමතරව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල මේ වන විට ක්‍රියාත්මක වන ඇදිරි නීතිය මැයි 04 වනදා උදේ 05ට ලිහිල් කිරීමට නියමිත අතර යළි පැනවෙන වේලාව තවම දැනුම් දී නොමැත.
කෙසේ වෙතත් මැයි මස 04 වන දින එම ප්‍රදේශවලට ඇදිරි නීතිය ඉවත් කිරීම තීරණය වන්නේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල කොවිඩ් – 19 වසංගතය සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලැබෙන නිර්දේශය මත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේය.
