නව කොවිඩ් රෝගීන් 19ක් | මුළු ගණන 649ක් වෙයි

by admindasun
0 comment 58 views
මධ්‍යම රාත්‍රි 12 පමණ වන විට නව කොවිඩ් – 19 ආසාධිතයින් 19ක් තහවුරු වීමත් සමග මෙරට රෝගය ආසාධනය වූවන්ගේ සංඛ්‍යාව 649 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව බදාදා (29) දිනයේදී වාර්තා වූ මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 30ක් පමණ වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

ඒ අනුව දැනට ලංකාව පුරා ප්‍රතිකාර ලබමින් සිටින මුළු රෝගීන්ග‌ේ සංඛ්‍යාව 506ක් පමණ වන අතර සම්පූර්ණ සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 136ක් පමණ වේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ මේ වන විට කිසිම කොවිඩ් – 19 ආසාධිතයකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර නොලබන බවයි.

තවද මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH රෝහලේ) නේවාසිකව ප්‍රතිකාර ලැබිය හැකි රෝගීන්ගේ සංඛ්‍යාව උපරිමයක් දක්වා පැමිණ ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

එම නිසා හෝමාගම රෝහලට කොවිඩ් – 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ රෝහලක් ලෙස මේ වන විට පිළියෙළ කර ඇති බවත් වෛද්‍ය ජාසිංහ තව දුරටත් කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment