කොවිඩ් – 19 වසංගත තත්ත්වය වැළැක්වීමේ රජය විසින් ගනු ලැබූ උපාය මාර්ගවලට අනුව සාමාන්‍ය සේවා තාවකාලිකව නවතා තිබූ මෙරට සියලුම තැපැල් කාර්යාල මැයි මස 04 (සදුදා) සිට යළි සුපුරුදු පරිදි විවෘත කෙරෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේය.
නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පතිවරයා කියා සිටියේ මැයි මාසයට අදාළ මහජනාධාර මාසික දීමනා, වැඩිහිටි දීමනා, ගොවි විශ්‍රාම වැටුප්, විශ්‍රාම වැටුප් ඇතුළු සියලු ගෙවීම් තැපැල් කාර්යාල කවුළුවලින් ගෙවීම් සිදු කරනු ලැබේ.
ජල බිල්පත්, විදුලි බිල්පත්, දුරකථන බිල්පත් ගෙවීමටත්, දේශීය විද්‍යුත් මුදල් හුවමාරු සිදු කිරීමටත්, දේශීය තැපෑල සදහා ලිපි සහ තැපැල් භාණ්ඩ භාරදීමටත් මැයි 04 වන දින සිට මහජනතාවට අවස්ථාව ලැබෙන බව ආරියරත්න මහතා පැවසුවේය.
තැපැල් කාර්යාල සියලු මහජන සේවා සදහා විවෘත කිරීමෙන් පසු රජයේ සෞඛ්‍ය උපදෙස් මාලාවට 100%ක්ම අනුගත වන ලෙස මේ වන විටත් තැපැල් කාර්යාලවල සේවක මණ්ඩලය මේ වන විටත් දැනුවත් කර ඇති අතර දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවලින් සේවය ලබා ගැනීමට පැමිණෙන මහජනතාවටද මෙම උපදෙස් පිළිපදින ලෙසත් වසංගතය මර්දනය කර ගැනීමට සැමගේ සහයෝගය ලබා දෙන ලෙසත් තැපැල්පතිවරයා ඉල්ලා සිටියේය.
