අද නව ක‌ොවිඩ් රෝගීන් 23ක් | 08 දෙනෙක් සුවය ලබයි

by admindasun
0 comment 35 views

අද දිනය‌ේ මේ දක්වා නව කොවිඩ් – 19 ආසාධනය වූ රෝගීන් 23ක් තහවුරු වීමත් සමග කොවිඩ් – 19 ආසාධිතයින්ගේ මුළු සංඛ්‍යාව 611 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන්ගෙන් අද දිනයේද රෝගීන් 08ක් ඇතුළුව 134ක් සුවය ලබා පිටව ගොස් ඇති බවයි.

ඒ අනුව රෝගීන් 470ක් පමණ මේ වන විට රට පුරා පිහිටි රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන අතර එම රෝගීන් ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH රෝහල), නැගෙනහිර කොළඹ, මූලික රෝහල, ඉරණවිල රෝහල, කාත්තන්කුඩි මූලික රෝහල, මිනුවන්ගොඩ මූලික රෝහල සහ වැලිසර නාවික හමුදා රෝහල යන රෝහල්වල ප්‍රතිකාර ලබන බව වෛද්‍ය ජාසිංහ පැවසුවේය.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment