මේ වන විට කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 05කට මැයි මස 04 වන දින දක්වා ක්‍රියාත්මක වන ඇදිරිි නීතිය යළි දීර්ඝ කරනවාද නැද්ද යන්න තීරණය වන්නේ මෙම සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල පවතින තත්ත්වය අනුව බව පොලිසිය පැවසුවේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේ මැයි මස 02 වන දින සහ 03 වන දින කොවිඩ් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තත්ත්වය යහපත් බවට තහවුරු කළහොත් සැළසුම් කර ඇති පරිදි කොළඹ, ගම්පහ, කැළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය ඉවත් කෙරෙන බවයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණය අයහපත් එකක් වුවහොත් එම තත්ත්වය කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙත දන්වා ඇදිරි නීතිය යළි දීර්ඝ කිරීමට සිදු වන බවද පොලිස් අධිකාරී සේනාරත්න මහතා කියා සිටියේය.
