දිනකදී කළ PCR පරීක්ෂණ 1500 පනී

by admindasun
0 comment 45 views

කොවිඩ්- 19 වසංගතය සම්බන්ධයෙන් ඇති නවතම තත්ත්වය සැළකිල්ලට ගනිමින් ඊයේ දිනයේදී පමණක් PCR පරීක්ෂණ 1553ක් සිදු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේය.

මේ අනුව මෙම පරීක්ෂණ සිදු කිරීම සදහා මඩකලපුව ශික්ෂණ රෝහලද සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇතිි බව ස‌ෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

කොවිඩ් – 19 රෝගීන් හදුනා ගැනීම සදහා සිදු කෙරෙන PCR පරීක්ෂණ වැඩි කරන ලෙස දිගින් දිගටම රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඉල්ලා සිටි අතර අවශ්‍ය පරිදි මේ වන විට එම පරීක්ෂණ ඉහළ දමා ඇති බවත් වෛද්‍ය ජාසිංහ පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මින් ඉදිරියටද අවදානම් පිරිසක් සිටින ප්‍රදේශවල සහ අහඹු ලෙස තෝරාගනු ලබන ස්ථානවල PCR පරීක්ෂණ සිිදු කෙරෙන බවත්ය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment