කොවිඩ් – 19 වසංගතය සම්බන්ධයෙන් ගැබිනි මව්වරුන් විසින් අනුගමනය කළ යුතු කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් අද දින විශේෂ උපදසේ මාලාවක් නිකුත් කළේය.
ඒ අනුව උණ, දරුණු හිසරදය, රුධිර වහනය, හුස්ම ගැනීමේ අපහසුතාව, පෙනීම දුර්වල වීම, වලිප්පුව (fits), පපුව හෝ උදරයේ වේදනාව, දරුවා දැගලීම අඩුු වීම, ශරීරයේ ඉදිමීම හෝ වෙනත් තදබල අපහසුතාවක් ඇත්නම් වහාම රෝහල් කරා යොමුුුුු විය යුතු බව වෛද්‍ය ජාසිංහ පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ජාසිංහ කියා සිටියේ ගුණාක්මක සේවාවක් සැපයීම සදහා රෝහල්වල තදබදය අවම කළ යුතු අතර ගර්භණී මාතාවන් සායනවලට පැමිණීමේදී කලින් වේලාවක් වෙන් කරගෙන පැමිණිය යුතු බවයි.
මේ වන විට මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කොවිඩ් -19 ආසාධනය වූ ගැබිනි මව්වරුන් වෙනුවෙන් සූදානම් කර ඇති අතර තවමත් එවැනි රෝගීන් වාර්තා වීමක් පෙන්නුම් කර නැත.
