සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය විසින් මෘත ශරීර බහාලන මළු 1,000ක් පමණ අන්තර්ජාතික රතු කුරුස සංවිධානය විසින් ඉල්ලා සිටීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වැරදි ලෙස අර්ථ කථනයකට ලක්වීී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම ලිපියට අනුව මෘත ශරීර බහාලන මළු 1,000ක් පමණ ඉල්ලා තිබුණත් එමගින් රජය විසින් කොවිඩ් – 19 ආසාධනය වීමෙන් මරණ 1,000ක් සිදු වන බවට බලාපොරොත්තු නොවන බවයි.
“මේ වන විටත් කොවිඩ් – 19 මරණ සංඛ්‍යාව ශ්‍රී ලංකාව තුළ ඉතාමත් හොද මට්ටමකින් පාලනය කර ගැනීමට අපට හැකි වී තිබෙනවා. එනිසා කොවිඩ් – 19 හේතුවෙන් එවැනි මරණ සංඛ්‍යාවක් අපි කිසිසේත්ම බලාපොරොත්තු වන්නේ නැහැ,” යැයි වෛද්‍ය ජාසිංහ පැවසුවේය.
විශේෂයෙන් මේ වන විට පවතින තොග ඒ අයුරින් පවත්වා ගැනීම මෙසේ මෙම බහාළුම් ඉල්ලා සිටීමට හේතුු වූ බවත් ඔහු කියා සිටියේය.
මේ පිළිබදව අදහස් දක්වමින් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා පැවසුවේ මෙම බහාළුම් 300ක් පමණක් සෞඛ්‍ය අමාත්‍යංශය සතුව ඇති අතර එම තොගය මේ වන විට භාවිත කරමින් යන බවයි.
එසේම මෙම බහාළුම් යොදා ගනු ලබන්නේ කොවිඩ් – 19 සම්බන්ධයෙන් සිදු වන මරණවලට පමණක් නොවන බවත් ඔහු කියා සිටියේය.
තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ සාමාන්‍යයෙන් විවිධ පරීක්ෂණ සදහා මළ සිරුරු යොදවන අවස්ථාවලදී එක් මළ සිරුරක් සදහා මෙවැනි මළු එකකට වඩා අවශ්‍ය වන බැවින් මෙහි තොග පවත්වා ගැනීම අවශ්‍ය වන බවයි.
එසේම මෙය අන්තර්ජාතික රතු කුරුස සංවිධානය හරහා ලැබෙන ප්‍රදානයක් නිසා ඒ සදහා ඉල්ලීමක් කළ යුතු අතර එනිසා මෙවැනි ලිපියක් යොමු කිරීමට සිදු වූ බවත් ඔහු පැවසුවේය.
