පසුගියද දෙසැම්බර් මස පැවැත්වූ අ. පො. ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල අද දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කරන ලද අතර මෙවර ප්‍රතිඵලවලට අනුව 73.84%ක් උසස් පෙළ හැදෑරීම සදහා සුදුසුකම් ලබා ඇත.
විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පැවසුවේ විභාග දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.
අ. පො. ස. (සාමාන්‍ය පෙළ) විභායට රට පුරා මධ්‍යස්ථාන 4989කදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 717, 246ක් පමණ ඉදිරිපත් විය. ඒ අතර 433,189ක් පාසල් අයදුම්කරුවන් වූ අතර 284,057ක් පෞද්ගලික අයදුම්කරුවන් විය.
කෙසේ වෙතත් විභාගයට පෙනී සිටි සංඛ්‍යාව 556,256ක් වූ අතර මේ අතරින් 66.82% ගණිතය සමත් වී ඇති අතර සියලුම විෂයන් සදහා A සාමාර්ථ ලබාගත් සිසුන්ගේ සංඛ්‍යාව 10,346ක් විය.
විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් පැහැදිළි කිරීමක් අවශ්‍ය නම් ක්ෂණික ඇමතුම් අංකය වන 1911න් හෝ 011 2784208, 0112784537, 0113188350 හෝ 0113140314 යන අංකවලින් පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව අමතන ලෙසත් විභාග කොමසාරිස්වරයා දන්වා සිටියේය.
