මේ වන විට කොව්ඩ් – 19 ආසාධනය වී සිටින නාවික හමුදා සාමාජිකයන්ට ප්‍රතිකාර කිරීමට වැලිසර නාවික හමුදා කදවුර තුළම පිහිටි නාවික හමුදා රෝහලේ සිදු කිරීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පැවසුවේය.
ඒ සදහා වැලිසර නාවික හමුදා රෝහලේ වෙනමම කොටසක් වෙන් කරෙන බවත් ඔහු කියා සිටියේය.
තව දුරටත් අදහස් දැක්වූ ලුතිනන් කමාන්ඩර් සූරියබණ්ඩාරට අනුව කොවිඩ් – 19 වැළදී නොමැති එහෙත් ඒ සදහා අවදානමක් ඇති වැලිසර නාවික හමුදා කදවුරේ සිටින නිරෝගී නාවික හමුදා සාමාජිකයන්ද මේ වන විට කදවුර තුළම නිරෝධායනයට ලක් කර ඇති බවයි.
මේ වන විට තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කර ඇති අතර වැලිසර නාවික හමුදා කදවුරේ හැර අනෙකුත් නාවික හමුදා මෙහෙයුම් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් ඔහු කියා සිටියේය.
මේ වන විට තහවුරු වී ඇති පරිදි නාවික හමුදා සාමාජිකයන් 180කට පමණ කොවිඩ් – 19 ආසාධනය වී ඇති අතර ඉන් 112ක් කදවුර තුළ සිටි අය වන අතර 68ක් නිවාඩු ලබා නිවෙස් බලා පිටත්ව ගිය අය බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වූ යුධ හමුදාපතිවරයාට අනුව මේ වන විට නාවික හමුදා සාමාජිකයන්ගේ පවුල්වල 58 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇත. ඔවුහු මිහින්තලේ සහ බූස්ස නාවික හමුදා කදවුරු තුළ පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර තවත් පිරිසක් මෙසේ නිරෝධායනයට යොමු කිරීමට නියමිතය.
