ක‌ොවිඩ් නැගීම ගැන GMOA සහ ඇමැතිනී හදිසි හමුවක්

by admindasun
0 comment 94 views

කොවිඩ් – 19 වසංගතයේ වර්තමානයේ පවතින තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද දින පැවැත්විණි.

වසංගතයේ වර්තමාන තත්ත්වය පිළිබදව පැවැති මෙම සාකච්ඡාව පැය 02කට ආසන්න කාලයක් පැවැති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සහ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ඇතුළු විධායක සභාව වෛද්‍ය සංගමයේ පාර්ශ්වයෙන් සහභාගී වී සිටි අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු නිළධාරීන් රජය නියෝජනය කරමින් සහභාගී වී සිටියහ.

මේ පිළිබදව අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය පැවසුවේ වසංගතයේ වර්තමාන තත්ත්වය අනුව ඉදිරියේදී ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව තම සංගමය සෞඛ්‍ය අමාත්‍යතුමියට කරුණු පැහැදිලි කළ බවයි.

එසේම ආක්‍රමණශීලීව පරීක්ෂණ කිරීමේ වැදගත්කම සහ වර්තමානයේ රෝග ව්‍යාප්තියේ උද්ගතව ඇති බරපතළ ස්වභාවයත් සමග ශ්‍රී ලංකාව තුළ කොවිඩ් – 19 අධි වසංගත තත්ත්වයකට පත්වීම වළක්වා ගැනීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳවත් අමාත්‍යතුමිය දැනුවත් කරන ලද බව වෛද්‍ය පාදෙනිය පැවසුවේය.

නිවාඩු ලබා නිවෙස් වෙත ගිය නාවික හමුදා භටයින් මාර්ගයෙන් මෙම වසංගතය අවදානමින් තොර කලාප දක්වාද ව්‍යාප්ත වූ අතර සමාජ දුරස්ථකරණය සදහා පනවා තිබූ ඇදිරි නීතිය වැනි නීති ලිහිල් කිරීමට පෙර වසංගතයේ වර්තමාන තත්ත්වය පිළිබද වහාම සමාලෝචනයක් කළ යුතු බව පවසා ඊයේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් කොවිඩ් – 19 වසංගතය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ලිපියක්ද යොමු කරන ලදී.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment