අද දිනයේ මේ වන විට නව රෝගීන් 34ක්

by admindasun
0 comment 49 views

අද දිනයේ මේ වන තෙක් කොවිඩ් – 19 ආසාධනය වූ රෝගීන් 34ක් මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසවේය.

රජයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ මෙම රෝගීන් සියල්ලම නාවික හමුදා සාමාජිකයින් බවයි.

ඒ අනුව මෙරටින් මේ වන තෙක් වාර්තා වී ඇති මුළු රෝගීන්ගේ සංඛ්‍යාව  557 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවසුවේය.

මේ අතර කොවිඩ් – 19 ආසාධනය වී ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 06 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද දින පිටව ගොස් ඇති අතර ඒ අනුව සුවය ලැබූවන්ගේ සම්පූර්ණ සංඛ්‍යාව 126 දක්වා ඉහළ ගොස් ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේය.

ඒ අනුව මේ වන විට මෙරට රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන තහවුරු වූ කොවිඩ් – 19 රෝගීන්ග‌ේ සංඛ්‍යාව 424 දක්වා ඉහළ ගොස් ඇති අතර සැක සහිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සංඛ්‍යාව 295 දක්වා ඉහළ ගොස් ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment