ආගමික වෛරය ඇති කළොත් අවරුදු 07කට හිරේ

by admindasun
0 comment 64 views

සමාජ මාධ්‍ය ජාලා සහ අන්තර්ජාලය ඔස්සේ ආගම් අතර වෛරය ඇතිවන ආකාරයෙන් ජාතිවාදී ප්‍රකාශන පතුරුවන්නන්ට අවුරුද 07ක් දක්වා සිර දඩුවම් ලබා දිය හැකි අයුරින් නීති පවතින බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සිට මාධ්‍ය අමතමින් තව දුරටත් ඔහු කියා සිටියේ එවැනි පුද්ගලයන්ට එරෙහිව සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුති පනතට අනුව එවැනි පුද්ගලයන්ට එරෙහිව ක්‍රියා කරන බවයි.

මේ වන විටත් අන්තර්ජාලය හරහා මෙන්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදු කරන ලද එවැනි ප්‍රකාශ 07ක් සම්බන්ධව මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ෂණය කරමින් සිටින බවත් ඔහු කියා සිටියේය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියේ වෙනත් අය සමාජ මාධ්‍ය ජාලාවලට මුදා හරින එවැනි ප්‍රකාශන අන් අය අතර බෙදා හැරමෙන්ද ඔබ වරදකරුවෙක් විය හැකි අතර එනිසා එවැනි ක්‍රියාවල නොයෙදෙන ලෙසයි.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment