ශ්‍රී ලංකාවේ මේ වන තෙක් දිනකදී හමුවුණු වැඩිම කොවිඩ් – 19 අසාධිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වුණුු අතර එම සංඛ්‍යවා 63ක් පමණ වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මෙම රෝගීන් 63න් අසාධිතයින් 53ක්ම නාවික හමුදා සාමාජිකයන් වූ බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.
මෙම ආසාධනය වූ නාවික හමුදා සාමාජිකයන්ගෙන් 16 දෙනෙක් වැලිසර නාවික හමුදා කදවුරෙන්ද 37 දෙනෙකු ඉන් බාහිරවද හමු වී ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසූ පරිදි ඊයේ දහවල් වන විට නාවික හමුදා සාමාජිකයන් 97කට පමණ කොවිඩ් – 19 ආසාධනය වී ඇති බව තහවුරු වී තිබුණු අතර නව රෝගීන් වාර්තා වීමත් සමග එම සංඛ්‍යාවද සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇත.
