කොවිඩ් සීඝ්‍ර නැගිල්ලක් | රෑ 12ට අලුතිත් 18ක් | මුළු ගණන 523යි

by admindasun
0 comment 62 views

ඊයේ (26) මධ්‍යම රාත්‍රි 12 වන විට නව කොවිඩ් – 19 ආසාධිතයින් 18ක් තහවුරු වීමත් සමග ශ්‍රී ලංකාවේ මුළු ආසාධිතයින්ගේ සංඛ්‍යාව 523 දක්වා ඉහළ ගියේය.

කෙසේ වෙතත් ඒ අනුව පෙරේදා මධ්‍යම රාත්‍රි 12 සි මේ වන තෙක් රෝගීන් 63ක් වාර්තා වී ඇති අතර දිනකට වාර්තා වු රෝගීන්ගේ සංඛ්‍යාවේ පැහැදිළි වර්ධනයක් පෙන්නුම් කරන බව වෛද්‍යවරු පවසති.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඊයේ දහවල් කොවිඩ් – 19 වසංගතව වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපතිි ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ වහාම ක්‍රියාත්මක වන පරිදි සමාජ දුරස්ථකරණය ඒ අයුරින්ම පවත්වා ගනිමින් පවතින තත්ත්වය පිළිබද හදිසි සමාලෝචනයක යෙදනෙ ලෙසයි.

ඒ බව ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ කියා සිටියේය.

එම සංගමයේ ප්‍රාදේශීය ශාඛාවලින් ලැබෙන තොරතුරු අනුව වැලිසර නාවික හමුදා කදවුර‌ේ සිටි නිවාඩු පැමිණි නාවික හමුදා සාමාජිකයන්ට රෝගය ආසාධනය වී තිබීම නිසා මෙතෙක්  කොවිඩ් – 19 සම්බන්ධයනේ අවදානමක් නොතිබුණු ප්‍රදේශවලින්ද රෝගීන් වාර්තා වන්නට පටන් ගත්තේය.

කෙසේ වෙතත් ස‌ෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ තවමත් මෙම වසංගතය ශ්‍රී ලංකාවේ සාමාජයේ පැතිරෙන (Community spreading) තත්ත්වයට පැමිණ නොමැති අතර පවුල් අතර පැතිරයාම (Cluster) තත්ත්වය‌ේ ඇති බවයි.

ඉන් ඉදිරියට යාම වැළැක්වීමට ජනතාව අතර සිදු කරනු ලබන PCR පරීක්ෂණ ප්‍රමාණය ඉහළ දමා ඇති බවත් ඔහු කියා සිටියේය. ඒ අනුව අහඹු ලෙස ජනතාව වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවල සහ සැක සහිත කණ්ඩායම්වල රෝග ලක්ෂණ පෙන්නුම් කරන තුරු නොසිටි අදාළ පරීක්ෂණ සිදු කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බව ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment