අද 45ක්, කොවිඩ් රෝගීන් 500 පනී

by admindasun
0 comment 38 views

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් – 19 ආසාධිතයින්ගේ සංඛ්‍යව අද රාත්‍රි 10.30 පමණ වන විට 505ක් පමණ වන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.

එසේම මෙතෙක් කල් දිනකදී වාර්තා වුණු වැඩිම රෝගීන් සංඛ්‍යාව අද දින වාර්තා වුණු අතර එය 45ක් පමණ විය.

අද වාර්තා වුණ රෝගීන්ගෙන් වැඩිම සංඛ්‍යාව නාවික හමුදා සාමාජිකයන්ගෙන් වාර්තා වුණු අතර ඔවුන්ට සිදු කරනු ලබන PCR පරීක්ෂණ තව දුරටත් ක්‍රියාත්මක බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

එසේම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණු පළමු කොවිඩ් – 19 රෝගීන් තුන්දෙනා අද දින වාර්තා වුණු බව හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පැවසුවාය.

ඒ සියලු දෙනා නාවික හමුදා සාමාජිකයන් වූ අතර ඔවුන් අම්බලන්තොට, හම්බන්තොට සහ සූරියවැව ප්‍රදේශවලින් වාර්තා විය.

නිවාඩු ලැබූ නාවික හමුදා සාමාජිකයන්ගෙන් මෙම රෝගී තත්ත්වය පැතිරීමත් සමග නාවික හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සියලු නිලයන්හි නිවාඩු අවලංගු කර ඇති අතර ඔවුන්ගේ අදාළ කදවුර වෙත වාර්තා කිරීමට ප්‍රවාහන පහසුකම් නොමැතිනම් ළගම ඇති කදවුරට වාර්තා කරන ලෙස අද දින නිවේදනය කළේය.

එසේම කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල හැර හෙට දින උදෑසට ඉවත් කිරීමට සැළසුම් කර තිබූ ඇදිරි නීතය හෙට දිනයේදීත් තව දුරටත් ක්‍රියාත්මක වන බවද ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.

මේ වන විට නාවික හමුදාවේ 97 දෙනෙකුට පමණ කොවිඩ් – 19 ආසාධනය වී ඇති බවට පසුගිය දින දෙක තුළ සිදු කරන ලද PCR පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

මේ වන විට සම්පූර්ණ සුවය ලබා පිටව ගිය සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති අතර අද දිනත් පිටව ගිය සංඛ්‍යාවත් සමග මුළු ගණන 120 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව දැනට ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ් – 19 ආසාධනය වූ බවට තහවුරු වී ඇති සංඛ්‍යාව 378ක් පමණ වේ. තවද ඒ බවට සැක සහිතව දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 273ක් පමණ වේ.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති මරණ ගණන 07කි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment