එතෙර ලාංකිකයන් ගෙන්වා ගැනීමට රජය අසමත්

by admindasun
0 comment 46 views

අප රටට වැඩිම විදේශ විනිමය ලබා දෙන විදේශ සේවයේ යෙදී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට මෙරට රජය මේ වන තෙක් කිසිදු ක්‍රියාශ්‍රීලී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ එතෙර අපි සංවිධානය වෙනුවෙන් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේ ජන ජීවිතය යථාතත්වයට පත්කරන්න සූදානම් බව ප්‍රකාශ කරන්න ආණ්ඩුවේ තිබෙන සූදානමේ තරමට, මැතිවරණය පවත්වන්න උනන්දුවන තරමටම අසරණභාවට පත්වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමටද කටයුතු කරන ලෙසයි.

එසේම අදාළ ලියකියවිලි නොමැතිව විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට පවා අවශ්‍ය කටයුුුුතු සම්පාදනය කර දීමට එම රටවල් කැමැත්ත ප්‍රකාශ කර තිබුණද මේ පිළිබදව මෙරට රජයේ කිසිදු උනන්දුවක් නොමැති බවත් හදුන්නෙත්ති මහතා පැවසුවේය.

“විදේශගත සිටින අපේ ශ්‍රී ලාංකිකයන් මුහුණදී සිටින පොදු ගැටලු ගණනාවක් තිබෙනවා. මැදපෙරදිග රටවල් කොරෝනා තත්වය හමුවේ අරගෙන තිබෙන තීරණත් එක්ක කුවේ, කටාර්, සෞදි අරාබි, අබුඩාබි සහ ඩුබායිහි අසරණවූවන් සිටිනවා. කොරියාවට වඩා අර්බුදයක් මැද පෙරදිග ඇතිවී තිබෙනවා. මාලදිවයිනට අයත් දූපත්වල වැඩ කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ඉන්නවා. මාලේ නගරයට රැස්වූ විශාල පිරිසක් ඉන්නවා. අපට ඉතාම ආසන්න රටක් වුණත් විශේෂ තත්වයන් ගණනාවක් නිසා වැඩිම පීඩාවට පත්වන පිරිසක් එහි රැඳී ඉන්නවා. වර්ග කිලෝමීටරයක 23,000ක පමණ ජන ඝණත්වයක් නිසා වසංගතයෙන් ඔවුන්ට විශාල පීඩාවක් තිබෙනවා. කොරෝනා ආසාධනයට ලක්වූ ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු හමුවී තිබෙනවා. එහි තිබෙන ලංකා බැංකු ශාඛාව වසා තිබෙනවා. එහි කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා ඉතාමත්ම අඩු පහසුකම් සහිත තැනක අනෙකුත් රටවල අයත් සමග නිරෝධානයනයට ලක්කර තිබෙනවා. මුදල් තිබුණත් ආහාර හිඟයක් ඇතිවී තිබෙනවා. ප්‍රමුඛතාවය දී තිබෙන්නේ ඒ රටේ පුරවැසියන්ට. අපේ සහෝදර ජනතාව මේ නිසා ඉතාමත්ම බරපතල තත්වයකට පත්වෙලා. ආහාර හුවමාරුකරත්තත් දැන් ආහාර අවසන් වෙමින් තිබෙනවා,” යැයි ඔහු කියා සිටියේය.

රෝගය ඉතා ඉක්මනින් පැතිරීමේ අනතුරත් නිසා ගුවන් යානා හෝ මගී නැව් යොදවලා මේ පිරිස වහාම ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට බලකර සිටින බවත් හදුන්නෙත්ති මහතා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment