එළඹෙන ජූලි මස පැවැත්වීමට සැළසුම් කර තිබෙන ශ්‍රී ලංකා – ඉන්දියා ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම කෙරෙහි සුභවාදී බලාපොරොත්තු තවමත් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා පවසයි.
පසුගියදා මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කෙසේ වෙතත් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය සමග ශ්‍රී ලංකාව පවත්වන සුහද සබදතා හේතුවෙන් එම තරගාවලිය ජූලි මස පැවැත්වීමට නොහැකි වුවහොත් ක්‍රිකට් තරගාවලිය කල් දමා යළි වෙනත් දිනයක් නියම කරගන්නා බවයි.
එසේම මෙම වසංගත තත්ත්වය ආරම්භ වීමත් සමග ශ්‍රි ලංකාවේදී පැවැත්වීමට සැළසුම් කර තිබූ ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලියද කල් දැමුණු අතර එය එළඹෙන ජනවාරි මස පැවැත්වීමට එංගලන්තය මේ වන විටත් එකග වී ඇතිි බව සිල්වා මහතා පැවසුවේය.
ඒ අයුරින්ම කල් දැමීමට සිදු වුණු දකුණු අප්‍රිකානු තරගාවලිය සදහාද නව දින වෙන් කර ගැනීමට ඔවුන් කැමැත්ත ප්‍රකාශ කරනු ඇති බව විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පැවසුවේය.
