කොවිඩ් අසාධිතයින් 80%ක් රෝග ලක්ෂණ පෙන්වන්නෙ නෑ

by admindasun
0 comment 38 views

කොවිඩ් – 19 ආසාධනය වූවන්ගෙන් 80%ක්ම රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන සහ අවම රෝග ලක්ෂණ පෙන්නුම් කරන බැවින් ආසාධිතයින් හදුනා ගැනීමේ එකම මග පරීක්ෂණ ඉහළ දැමීම බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

එනිසා මේ මොහොතේ තව දුරටත් පරීක්ෂණ වැඩි කළ යුතු අතර එම පරීක්ෂණවලට ලක්විය යුතු පිරිස පිළිබදවද තම සංගමය රජයට දැනුම් දී ඇති බවත් එම සංගමය පවසයි.

රජය‌ේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මාසයක පමණ කාලයක් තිසසේ මේ පිළිබදව රජයට දැනුම් දුන්නද පරීක්ෂණ ක්‍රියාවලිය ක්‍රියාවලිය ප්‍රමාද කිරීම නිසා රට නැවත යථා තත්ත්වයට පත් කිරීමේ කාලය සති තුනකින් පමණ මේ වන විටත් ප්‍රමාද වී ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් වගකිව යුතු නිළධාරීන් හෙළි කළ යුතු අතර මේ පිළිබදව ජනාධිපතිවරයාටද තම සංගමය දැනටමත් දැනුම් දී ඇති බව ඔහු පැවසුවේය.

මේ පිළිබදව අද දින රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ට, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට සහ අනෙකුත් ආගමික නායකයන්ටටද අද දින දැන්වූ බවත් වෛද්‍ය අළුත්ගේ පැවසුවේය.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment