කොවිඩ් – 19 වසංගතය පැතිරීම සම්බන්ධයෙන් අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට දැන් ක්‍රියාත්මක වන ඇදිරි නීතිය මැයි මස 04 වනදා උදෑසන 05 දක්වා ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය මීට සුලු මොහොතකට පෙර නිවේදනය කළේය.
අද උදෑසන නිවේදනය කළ පරිදි එම දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය අප්‍රේල් 27 වනදා සදුදා ඉවත් කෙරන බවට නිවේදනය කළ අතර එම නිවේදනය යළි අවලංගු කළ බව පසුව දැනුම් දුන්නේය.
කෙසේ වෙතත් මෙම කලාපවලට අයත් නොවන සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය අප‌්‍රෙල් 27 සදුදා උදේ 05ට ඉවත් කර යළි රාත්‍රි 08ට පනවනු ලැබේ. ඉන් පසු යළිත් මැයි 01 වන දින දක්වා එම ප්‍රදේශවල ඇදිරි නීතිය ක්‍රියාත්මක වනුයේ රාත්‍රි 08 සිට උදේ 05 දක්වා පමණක් වන බවත් එම නිවේදනයේ සදහන්වේ.
ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරුණද කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන මැයි 04 වනදා සිට විවෘත කර ක්‍රියාක්මක කළ හැකි වන පරිදි නීති ඊති ලිහිල් කරන බවද එම නිවේදනයේ සදහන් වේ.
