ගෝලීය ප්‍රමුඛතම ස්මාර්ට් දුරකථන සන්නාමය යන OPPO වෙතින් ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සදහා රුපියල් මිලියන 1.2ක මුදලක් පරිත්‍යාග කළ බව පසුගියදා නිවේදනය කළේය.
මේ සම්බන්ධයෙන් වූ චෙක්පත OPPO ලංකා ශ්‍රී ලංකා AED ප්‍රධාන විධායක නිළධාරී බොබ් ලී මහතා ඇතුළු නිළධාරී පිරිස විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමුවේය.
කොවිඩ් – 19 වසංගතයේ බලපෑම අවම කිරීම සදහා ජාතික සෞඛ්‍ය සේවා අංශ ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරන අතර මේ සම්බන්ධයෙන් ඔවුහු 100%ක කැපවීමකිිිින් සිය දායකත්වය සපයන අතර වර්තමාන වසංගත තත්ත්වය තුළ සිය කැපවීම මෙන්ම නිපුණතාව මැනවින් ප්‍රදර්ශනව කරමින් මෙම වසංගතය සමග සටන් කිරීම සදහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන රජයේ නිළධාරීන් අගය කරන බවත් OPPO ලංකා ශ්‍රී ලංකා AED ප්‍රධාන විධායක නිළධාරී බොබ් ලී මහතා එහිදී කියා සිටියේය.
