40,000කට අධික සයිබර් තර්ජණ අනතුරක්

by admindasun
0 comment 61 views

කොවිඩ් – 19 වසංගත තත්ත්වය ල‌ොව පුරා පැතිරී යන තත්ත්වය තුළ ඒ සම්බන්ධයෙන් ජනතාව නොමග යවමින් සිදු කෙරෙන සයිබර් තර්ජණවලද ඉහළ යාමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා පැවසුුුුුුවේය.

කොවිඩ් – 19 වයිරස තත්ත්වය යොදාගනිමින් සිදුවන සයිබර් ප්‍රහාර ඉහළ යාමක් මේ දිනවල පෙන්නුම් කරනු ලබන අතර සයිබර් ආරක්ෂණ ආයතයක් විසින් හතලිස් දහසකට අධික සයිබර් තර්ජණ හදුනාගැනීමට සමත් වී ඇති බවත් ඔහු කියා සිටියේය.

තව දුරටත් අදහස් දැක්වූ මැතිව් මහතාට අනුව සයිබර් ප්‍රහාර සිදු කිරීමට නිර්මාණය කර තිබෙන මෙම වෙබ් අඩවිවලට පිවිසෙන පුද්ගලයන්ගේ පෞද්ගලික දත්ත, මුරපද සොරාගැනීමට සහ අනිෂ්ට මෘදුකාංග ස්ථාපනය කිරීමට සයිබර් ප්‍රහාරකයන් විසින් කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකාවෙහිද මෙවැනිම ආකාරයේ සයිබර් තර්ජණවල ඉහළ යාමක් දැකගත හැකි අතර සමාජයේ දැඩි ඉල්ලුමක් පවතින මුහුණු ආවරණ, අත් පිරිසිදුකාරක වැනි භාණ්ඩ නොමිලේ ලබාදෙන බව පවසමින් පෞද්ගලික දත්ත රැස් කිරීමේ වෙබ් අඩවි කිහිපයක් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක්  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට ලැබී ඇතිි බවත් ඔහු පැවසුවේය.

තවද “free COVID-19 testing” නම් ඊමේල් පණිවිඩයක් මුවාවෙන් Trickbot වැනි අනිෂ්ට මෘදුකාංග පරිශීලකයාගේ පරිගණයකයට ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියක්ද මේ දිනවල ක්‍රියාත්මක වන අතර මෙවැනි ආකාරයේ පණිවිඩයක් ඔබට ලැබුණහොත් එය විවෘත කිරීමට යාමෙන් වළකින ලෙසත් මැතිව් මහතා ඉල්ලා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment