නාවිකයින් 30ට කොවිඩ් වැළදීමත් සමග වැලිසර කදවුර හුදෙකලා කෙරේ

by admindasun
0 comment 63 views

ඊයේ දින ප‌ොළොන්නරුවෙන් හමුවූ නාවික හමුදා සෙබලාද ඇතුළුව වැලිසර නාවික හමුදා කදවුරේ සෙබළු 30 දෙනෙකුට කොවිඩ් – 19 ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමග වැලිසර නාවික හමුදා කදවුර හුදෙකලා කලාපයක් බවට පත් කළ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්දු සිල්වා පැවසුවේය.

ඊයේ දින පොළ‌ොන්නරුව ප්‍රදේශයට නිවාඩු ගොස් තිබුණු නාවික හමුදා සෙබලෙකුට ක‌ොවිඩ් – 19 ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහු සමග කටයුතු කළ වැලිසර නාවික හමුදා කදවුරේ භට පිරිස් PCR පරීක්ෂණවලට යොමු කෙරුණුු අතර එහි වාර්තා අද රාත්‍රි වන විට ලැබුණු බවත් යුධ හමුදාපතිවරයා පැවසුවේය.

එසේම ඊයේ දිනයේදීම ප‌ොළොන්නරුවෙන් හමුවූ නාවික හමුදා සෙබලා සිටි වැලිසර නාවික හමුදා කදවුරේ භට නිවස්නය විෂබීජහරණය කිරීමටද කටයුතු කළ බවත් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වූ යුධ හමුදාපතිවරයා පැවසුවේ පසුගියදා ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේ හමුවූ කොවිඩ් – 19 ආසාධනය විය හැකි බවට සැක සහිත පුද්ගලයින් ඔ්ලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කරන ලද නාවික හමුදා සෙබලෙකු හරහා අනකෙුත් සෙබළුන්ට මෙම වෛරසය ආසාධනය වී ඇති බවත්ය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment