ව්‍යවස්ථාදායක සභාව රැස්වී විසිර යයි

by admindasun
0 comment 35 views

අද දින රැස්වු ව්‍යවස්ථාදායක සභාවේ කිසිදු තීරණ ගැනීමක් සිදු නොවූ අතර එය හුදෙක් හමුවකට පමණක් සීමා වුණු බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආරංචි මාර්ගවලට අනුව එය නිතිපතා පැවැත්වෙන සාකච්ඡාවක් පමණක් වී ඇත.

ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිත්වය දරණ හිටපු කථානායකවරයා මෙම සාකච්ඡාව කැදවා තිබුණු අතර සාමාන්‍යයෙන් මාස 02කට වරක් එම සභාව රැස්විය යුතු බවත් එම ආරංචි මාර්ග පැවසුවේය.

මෙම සාකච්ඡාව සදහා ආචාර්ය ජයන්ත ධනපාල හැර සෙසු සාමාජිකයන් සියල්ල සහභාගී වූ බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේය.

ඒ අතර අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, හිටපු අමාත්‍ය තලතා අතුකෝරළ, අමාත්‍ය මහින්ද සමරසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, නීතිඥ ජාවිඩ් යූසුප්, ක‌ොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ නාගනාදන් සෙල්වකුමාරන් යන මහත්ම මහත්මීන් විය.

පාර්ලිමේන්තුව යළි කැදවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ‌ේද විමසූ විට එම ආරංචි මාර්ග සදහන් කළ‌ේ නිළ වශයෙන් ඒ පිළිබදව සාකච්ඡා නොකෙරුණු බවයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව යළි කැදවීමට තමා කටයතු කරන බවට පැතිර යන ආරංචි මාර්ග සාවද්‍ය බව හිටපු කථානායකවරයා මෙහිදී පවසා තිබුණි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment