ක්ෂණික විහිදුම් යතුරු පැදි බලකායත් වැඩට බසී

by admindasun
0 comment 30 views

යුධ හමුදා ක්ෂණික විහිදුම් යතුරු පැදි බලකාය විසින් මහා මාර්ගවල ගමන් කරන්නන්ගේ ශරීර උෂ්ණත්වය අහඹුු ලෙස මැන බැලීමට කටයතු කරන බව කොවිඩ් – 19 වසංගතය වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපතිි ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

ඊයේ දිනයේදී අත්‍යවශ්‍ය සේවා සදහා මහා මාර්ගයේ ගමන් ගත් අයගේ මෙන්ම වෙනත් හේතු සදහා මහා මාර්ගවලට පිවිසි ජනතාවගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමේ කටයුතු යුධ හමුදා ක්ෂණික විහිදුම් යතුරු පැදි බලකාය විසින් සිදු කරන ලද බව හමුදාපතිවරයා කියා සිටියේය.

ඔහු මේ අදහස් පල කළේ අද දින කොවිඩ් – 19 මර්දන මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මේ වන විට නිරෝධායනය අවසන් කර 4366ක පමණ පිරිසක් පිටත් කර යවා ඇති අතර තවමත් රට පුරා පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන 26ක පමණ 2744ක පමණ පිරිසක් නිරෝධායනයට ලක්ව සිටින බවයි.

එසේම ඉන්දියාවේ සිට ගෙන්වා ගත් සිසුන් කණ්ඩායමද අද දින පූනානි නිර‌ෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරුණු අතර ඉදිරි දින කිහිපය තුළදීද සාර්ක් කලාපයේ රටවල්වල කොවිඩ් – 19 වසංගතය නිසා සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment