අද දින කොවිඩ් – 19 රෝගියෙක් හමුවීමත් සමග පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශයේ ගම්මාන 12ක් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.
මේ අනුව මෙම ගම්මානවලින් ඉවතට යාම හෝ එම ගම්මානවලට ඇතුළු වීම සපුරා තහනම් වන අතර ගම්වැසියන්ගේ තත්ත්වය තදින් නිරීක්ෂණයට ලක් කෙරෙනු ඇත.
මෙතෙක් කල් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් කොවිඩ් – 19 රෝගීන් වාර්තා වී නොතිබුණු අතර අද දින වාර්තා වුණු රෝගියා උතුරු මැද පළාතනේ හමුවූ පළමු රෝගියා ලෙස හැදින්විය හැකිය.
මේ අතර මේ ආකාරයෙන්ම බේරුවල ප්‍රදේශයේ ගම්මාන 02ක් වසා දැමුණු අතර බණ්ඩාරගම ප්‍රදේශයේ වසා දමන ලද අටළුගම නම් ගම්මානය තර්ජණය ඉවත් වීමත් සමග පසුව යළි විවෘත කළේය.
