ව්‍යවස්ථාදායක සභාවේ හදිසි හමුවක් හෙට

by admindasun
0 comment 28 views

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු පළමු වරට ව්‍යාවස්ථාදායක සභාව හෙට දින හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ නිවසේදී හමුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

හෙට දින උදේ 10ට හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ අමරසේකර මාවතේ පිහිටි නිවසේදී පැවැත්වීමට නියමිත මෙම හමුවට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලඥයින්ටද ආරාධනා කර ඇති බව දැනගන්නට තිබේ.

මෙම සාකච්ඡාව පැවැත්වීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර කොවිඩ් – 19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීමට බව දේශපාලන පක්ෂ නියෝජිතයන් පැවසුවේය.

ව්‍යවස්ථාදායක සභාව සාමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විත වන අතර හිටපු කථානායක කරු ජයසූරිය මහතා සභාපතිත්වය දරණ අතර අගමැති සහ විපක්ෂ නායක එහි විධායක කමිටු සාමාජිකයන් වේ.

ජාතික පොලිස් කොමිසම, මැතිවරණ කොමිසම වැනි ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාව විසිනිි.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment