කොවිඩ් රෝගීන් සහ සුවය ලැබූවන් තවත් ඉහළට

by admindasun
0 comment 16 views
මෙරට කොවිඩ් – 19 ආසාධනය වූවන්ගේ සංඛ්යාව අද සවස වන විට 323 දක්වා ඉහළ ගිය අතර සම්පූර්ණ සුවය ලබා පිටව ගිය සංඛ්යාව 105 දක්වා ඉහළ ග‌ොස් ඇති බව සෞඛ්ය අමාත්යංශයේ ස‌ෞඛ්ය ප්රවර්ධන කාර්යංශය පැවසුවේය.
 
සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අනිල් ජාසිංහ පැවසූ පරිදි අද දිනයේදීී වාර්තා වූ මුළු කොවඩ් රෝගීන්ගේ සංඛ්යාව 13ක් වන අතර ඉන් 11ක්ම මේ වන විට නිරෝධායන මධ්යස්ථානයක සිටින බේරුවල ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන බවයි.
 
ඉතිරි රෝගීන් දෙදෙනාගෙන් එක් අයෙක් ජා-ඇල සුුුුුුුුුදුවැල්ල ප්රදේශයේ සිට නිරෝධායන මධ්යස්ථානයකට යොමු වීී සිටි අයෙක් වන අතර එක රෝගියෙක් පොළ‌ොන්නරුවේ පදිංචි කරුවෙක් වන බවත් සෞඛ්ය බලධාරීන් පැවසුවේය.
 
ඒ අනුව අද දින ප‌ොළොන්නරුව දිස්ත්රික්කයෙන්ද පළමු වරට අද දින රෝගියෙක් වාර්තා විය.
 
මේ වන විට කොවිඩ් – 19 බවට හදුනාගත් රෝගීන් 211ක් පමණ රට පුරා රෝහල්වල ප්රතිකාර ලබන අතර සැක සහිතව වෛද්ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්යාව 148කි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment