රට පුරා ඖෂධ 500ක හිගයක්

by admindasun
0 comment 52 views

කොවිඩ් – 19 පැතිරී යාමත් සමග සෞඛ්‍ය අංශවල අවධානය එම වසංගතය මර්දනය කිරීමට වැඩි වශයෙන් යොමු කර ඇති තත්ත්වයක් තුළ අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළුව රට පුරා රෝහල්වල ඖෂධ වර්ග 500ක පමණ හිගයක් මේ වන විට ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පැවසුවේය.

සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙය යථා තත්ත්වයට පත් කිරීමට කුමන උපදෙස් ලබා දී ඇති බව පැවසුවද මෙම ඖෂධ හිගය සදහා වගකිව යුතු ඖෂධ සංස්ථාව, මධ්‍යම ඖෂධ සැපයුම් අංශය, ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු ආයතන මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බවත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ පැවසුවේය.

කොවිඩ් 19 වසංගත රෝගී තත්ත්වය පැවතියද වෙනදා මෙන් අනෙකුත් රෝග සදහා රෝහල්ගත වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඒ අයුරින්ම පවතින බැවින් කොරෝනා රෝගයෙන් මෙන්ම අනෙකුත් රෝගවලින් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර දීමටත් රජය කටයුතු කළ යුතු බව වෛද්‍ය අළුත්ගේ පැවසුවේය.

මේ සම්බන්ධයෙන් විමසූ විට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය පැවසුවේ ඉක්මන් ක්‍රියා මාර්ගයක් ලෙස දේශීය වශයෙන් පවතින තොග මිලදී ගැනීමට කටයුතු කටයුතු කළ බවයි.

වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්. එම්. කේ. වික්‍රමනායක පැවසුවේ පැවසුවේ තවද රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ඉන්දියාවෙන් ගෙන්වීම මේ වන විටත් අදාළ ක්‍රියා මාර්ග ගෙන ඇති බවයි.

තවද කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ ඉන්දියාවේ අභ්‍යන්තර වසා දැමීම හේතුවෙන් මේ වන විටත් ඇණවුම් කර ඇති තොග ගෙන්වීම ප්‍රමාද වී ඇති බවත් වෛද්‍ය වික්‍රමනායක පැවසුවේය.

කෙසේ වෙතත් මේ මස අග වන විට පවතින ඖෂධ හිගය මැඩපැවැත්වීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment