දැනට මහ මැතිවරණය පැවැත්වෙන දිනය ජුනි 20 ලෙස ප්‍රකාශයට පත් කළද එම දිනය පවතින තත්ත්වය අනුව ඉදිරියේදී වෙනස් විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේය.
මේ වන විට පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය පිළිබදව හරි හැටි තවමත් ප්‍රකාශ කළ නොහැකි අතර බෙහෝදුරට මැතිවරණය තව දුරටත් කල් යා හැකි බව දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය. එහෙත් මැතිවරණ පනතට අනුව ඒ සදහා දිනයක් ප්‍රකාශ කළ යුතු බැවින් මේ වන විට දිනය ප්‍රකාශයට පත් කර ඇත.
අද දින රාජගිරිය මැතිවරණ කොමිසමේදී මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂවල නියෝජිතයින් හමුවූ අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
තව දුරටත් අදහස් දැක්වූ දේශප්‍රිය මහතාා පවසා ඇත්තේ පවතින තත්ත්වය පිළිබදව සමාලෝචනය කිරීම සදහා අප්‍රෙේල් 27 සිට 30 වනදා දක්වා අතර කාලය තුළ සෞඛ්‍ය බලධාරීන් මෙන්ම දේශපාලන පක්ෂ නියෝජිතයින්ද ඇතුළුව අදාළ සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා පැවැත්වෙන අතර ඉන් අනතුරුව මැතිවරණය කල් දැමීම පිළිබදව නිගමනයකට එළඹෙන බවයි.
තවද එසේ මැතිවරණය කල් යන්නේද නැද්ද යන වග මැයි 04 වන දින වන විට ප්‍රකාශයට පත් කළ හැකි බවත් දේශප්‍රිය මහතා දේශපාලන පක්ෂ නියෝජිතයන්ට පවසා ඇත.
දැනට පවතින තත්ත්වයට අනුව මැයි මස 04 වනදා පමණ වන තරග වදින අපේක්ෂකයන්ගේ මනාප අංක ප්‍රකාශයට පත් කිරීමට හැකි බවත් දේශප්‍රිය මහතා පැවසුවේය.
මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය, ජාතික සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජාතික ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළුු මෙවර මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ සහභාගී වි සිටියහ.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය මෙම සාකච්ඡාවට සහභාගී වී සිට නොමැති අතර ඔවුන්ට වෙනමම සාකච්ඡාවක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ලබා දී ඇති බවත් ආරංචි මාර්ග පැවසුවේය.
