ඡන්ද අපේක්ෂකයන්ට අද සිට ‌සෙල්ලම් බෑ

by admindasun
0 comment 61 views

මහා මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කර ගැසට් නිවේදනය ‌මේ වන විට නිකුත් කර ඇති බැවින් පූර්ව මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධ නීති ඊති දැඩි ‌ලෙස ක්‍රියාත්මක වන බව මැතිවරණ ‌කොමිසමේ සභාපති මහින්ද ‌දේශප්‍රිය මහතා පැවසුවේය.

අද දින මැතිවරණ ‌‌‌කොමිසම රැස් වීමෙන් අනතුරුව ඉදිරිි මහ මැතිවරණ පැවැත්වෙන දිනය ‌ලෙස ජුනි මස 20 ප්‍රකාශයට පත් කරන ලද අතර ඒ පිළිබද වූ ගැසට් නිවේදනයද අද රාත්‍රියේ නිකුත් කරන ලදී.

පූර්ව මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධව අදහස් දක්වමින් ‌දේශප්‍රිය මහතා පැවසුවේ මාර්තු 02 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් ප්‍රකාශයට පත් කළද දිනය ප්‍රකාශයට පත් ‌නොකිරීම නිසා ප්‍රචාරක කටයුතුවලට අදාළ නීති ඊති දැඩිව ක්‍රියාත්මක ‌නොවුනු අතර අද සිට එම තත්ත්වය ‌වෙනස් වන බවයි.

තව දුරටත් අදහස් දැක්වූ ඔහුට අනුව ‌මේ වන විට මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ගේ කටවුට් ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කර ඇත. විශේෂයෙන් ‌කොළඹ නගරයේ ‌මෙවැනි කටවුට් විශාල ‌ලෙස දැකගත හැකිය.

මෙම කටවුට් ඇතුළු මැතිවරණ නීත උල්ලංඝණය ‌කෙරෙන ප්‍රචාරක ‌මෙවලම් සියල්ල ඉවත් කරන ‌ලෙස අද දිනයේදීම ‌පොලිසියට මැතිවරණ ‌කොමිසම විසින් උපදෙස් ලබා දුන් බව ‌දේශප්‍රිය මහතා පැවසුවේය.

එසේම ‌කොවිඩ් – 19 වසංගතය ‌හේතුවෙන් ජනතාවට ලබා ‌දෙන සහන වැඩසටහන්වලට මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ට සම්බන්ධ වීම මැතිවරණ නීතියට අනුව සපුරා තහනම් වන බවත් ඔහු පැවසුවෙ‌ේය.

ජනතාවට ලබාදෙන යම් කිසි පරිත්‍යාගයක් ‌වෙතොත් ජනතාව හමුවට ‌නොගොස් ඒවා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ‌හෝ ‌වෙනත් රජයේ සම්බන්ධීකරණ ආයතනයක් ‌වෙත එම ද්‍රව්‍ය භාරදිය හැකි බවත් ‌දේශප්‍රිය මහතා වැඩි දුරටත් කියා සිටි‌යේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment