කොවිඩ් – 19 වසංගතය නිසා වසා දමා තිබුණු රට ක්‍රමක්‍රමයෙන් විවෘත කිරීමට රජය තීරණය කර තිබුණද මේ වන විට හමු වී ඇති රෝගීන්ගේ ආසන්නතමයින් පරීක්ෂා නොකර එම කටයුත්ත සිදු කිරීම අනතුරුදායක බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පැවසුවේය.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පැවසුවේ රෝගීන්ගේ ආසන්නතමයින් පරීක්ෂා කිරීමනේ අනතුරුව අවශ්‍ය වුවහොත් ඔවුන් සමග ආශ්‍රය කරන ලද අනෙකුත් පුද්ගගලයන්ද පරීක්ෂාවට ලක්කළ යුතු වන බවයි.
මේ වන විට කොවිඩ් – 19 වසංගතය පාලනය කිරීම සම්බන්ධයනේ රජය යම් සුභදායී වැඩපිළිවළෙක් අනුගමනය කර තිබුණද මෙවැනි කටයුතු නිසා ඒ සියල්ල ආපස්සට යා හැකි බවත් ඔහු පැවසුවේය.
මේ වන විටත් නිවේදනය කර ඇති පරිදි ලබන සතියේ සිට දැඩි නීති ඊති සහ සෞඛ්‍ය උපදසේ පිළිපැදීමේ කොන්දේසි මත රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
