රජය‌ේ ස‌ේවකයින් මැතිවරණ රාජකාරීවලින් ඉවත්වන ලකුණු

by admindasun
0 comment 1751 views

ක්‍රමවත් ‌ලෙස තමන්ගේ ආරක්ෂාව තහවුරු න‌ොකර ‌කොවිඩ් – 19 තත්ත්වය පාලනයකින් ‌තොරව මහා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්න‌ේ නම් මැතිවරණ රාජකාරීවල ‌යෙදීම සම්බන්ධ‌ෙයෙන් ‌දෙවරක් සිතා බැලීමට සිදු වන බව රාජ්‍ය ස‌ේවා කළමනාකරණ සහකාර නිළධාරීන්ගේ සංගමය පවසයි.

ඔවුන්‌ට ‌මෙම තීරණය ගැනීමට සිදුවූයේ සමස්ථ රාජ්‍ය නිළධාරීන්ගේ ජීවිත අවදානම ගැන සිතා වන අතර ‌මෙවන් තත්තවයක් තුළ මැතිවරණ ‌රාජකාරීවල නිරත වීම අතිශය අවදානම් බව රාජ්‍ය ස‌ේවා කළමනාකරණ සහකාර නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ල‌ේකම් චන්දිම විමලසුරේන්ද්‍ර මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දක්වූ විමලසුරේන්ද්‍ර මහතාට අනුව රට තුළ ‌කොවිඩ් – 19 සම්බන්ධයෙන්ව වූ  අවදානම තවමත් සම්පූර්ණයෙන්ම පහව ‌ගොස් නැත. සෞඛ්‍ය අංශ ඇතුලූව විෂය ප‍්‍රවීණයන් ද ඒ බව තහවුරු කර තිබේ.

මෙවැනි අවදානම් සහගත වාතාවරණයක් තුළ වුවද මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳ සාකච්ඡුාවක් යළිත් මතු වී ඇතිි අතර මැතිවරණයක් පවත්වන්නේ නම් පවතින වාතාවරණය යටතේ මැතිවරණ රාජකාරී කටයුතුවල නිරත වීම රාජ්‍ය සේවකයාට මරණයට අතවැනීමක් විය හැකි බවත් ඔහු කියා සිටියේය.

එබැවින් මෙම කොරෝනා වසංගත තත්වය පූර්ණ ලෙස පහව යනතුරු මැතිවරණ රාජකාරීවල රාජ්‍ය සේවකයින් යෙදවීම පිළිබඳව තම සංගමය තම විරෝධය ප්‍රකාශ කරන බවත් එසේ නොමැතිනම් ජීවිත අවදානම දරාගනිමින් මැතිවරණ රාජකාරීවල නොයෙදීමේ තීරණයක් ගැනීමට වෘත්තීය සමිති ලෙස කටයුතු කිරීමට සිදුවන බවත් විමලසු‌රේන්ද්‍ර මහතා කියා සිටියේය.

මේ පිළිබදව තම සංගමය මැතිවරණ ‌කොමිසම ‌‌වෙත ලිඛිතව දැනුම් දීමට කටයුතු කළ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment