ග්‍රහලෝක සහ උල්කා වර්ෂාව මේ සතියේ

by admindasun
0 comment 164 views

කොවිඩ් – 19 වසංගත තත්ත්වය තුළ ඇදිරි නීතිය පනවා ඇති නිසා මිනිස් ක්‍රියාකාරකම් අඩුවීම හේතුවෙන් වායු දූෂණය අවම වීම නිසා අහස ඉතාම  පැහැදිලිව දිස්වන හෙයින් වලාකුළු රහිත විට දී තාරකා විද්‍යා නිරීක්ශණ කිරීමේ ඉතා විරල අවස්ථාවක් මේ දිනවල ශ්‍රී ලංකාවාසීන්ට උදා වී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවේය.

අප්‍රේල් 1 වනදා සිට අප්‍රේල් 25 කාලය තුළදී එකිනෙකට ඉතා සමීපව අහස් මුදුණට ආසන්නව පිහිටි බ්‍රහස්පතිසෙනසුරු සහ අඟහරු ග්‍රහලෝකත් සමගම හිරු නැගීමට පෙර නැගෙනහිර ක්‍ෂිතිජයට ඉහලින් ඇති බුධ ග්‍රහයාත්,  උදේ පාන්දරින්ම දැකගත හැකි පැරණිතම වාර්ෂික උල්කාපාත වර්ෂාවක් වන ලයිරිඩ්ස් ද අළුයම් කාලයේදී අපට හොදින් දැක ගත හැකි බව මාහාචාර්ය ජයරත්න පවසයි.

ලයිරා තාරකා මණ්ඩලය දිසාවේ සිට උල්කා පැමිණෙනවා සේ දිස්වන හෙයින් මෙම උල්කා වර්ෂාව ලයිරිඩ්ස් නමින්ද හදුන්වන බව ඔහු කියා සිටියේය.

තව දුරටත් අදහස් දැක්වූ මහාචාර්ය චන්දන ජයරත්නට අනුව මේ දිනවල විචිත්‍ර උල්කාපාත පැයකට 5ක් පමණ දැකිය හැකි නමුත්අප්‍රියෙල් 22 රාත්‍රියේ පෘථිවියට උල්කාපාත ප්‍රවාහයේ උච්චතම  කොටස හමු වන අතර ඒ සමඟ උල්කාපාත පැයකට 20ක් හෝ ඊට වැඩිව දැකගත හැකි වනු ඇත.

17 වනදායින් පසු චන්ද්‍රයා ක්‍රමයෙන් දසුනෙන් ඉවත්වන බැවින් සහ 23 අමාවක ඇතිවන බැවින් උල්කා උච්චතමය වන අප්‍රේල් 22 වන විට සම්පූර්ණ දර්ශනය බාධාවකින් තොරව බැලීමට ඉඩ සැලසෙයි. සියලුම විදුලි පහන් නිවා දමා ඔබේ ඇස් අඳුරට  අනුවර්තනය වීමට මිනිත්තු 15 – 20 ක් පමණ ඉඩ ලබා දෙන ලෙසත් ඔහු පැවසුවේය.

“අප දකින මේ උල්කාවන්නේ වන්නේ වසර 415කට වරක් හිරුවටා ගමන් ගන්නා සී / 1861 ජී 1 (තැචර් ධූමකේතුව) නම් වල්ගා තරුවක කක්ෂය අසළින් පෘථිවිය ගමන් ගන්නා විට එහි කක්ෂයයේ හැලි ඇති කුඩා බොරළු කැට ප්‍රමාණයේ සිට ධුලි අංශු දක්වා කුඩා කොටස් පෘථිවි ගුරුත්වක්ර්ශනයේ බලපෑම මත තත්පරයට කිලෝමීටර 48 ක පමණ වේගයෙන් පෘථිවියට ඇදී එන විට පෘථිවි වායුගෝලයේ ඝර්ෂණය නිසා රත්වී පොළොවට කිලෝමීටර 100කට පමණ ඉහළ අහසේ ගිනියම්ව දැවෙන අවස්ථාව,” යැයි මහාචාර්ය ජයරත්න පැවසුවේය.

තවද මේ දිනවල හිරු බැස ගොස් අහස කළුවර වූ විට රාත්‍රී 7.00ට පමණ බටහිර අහසේ දීප්තිමත්ම වස්තුව ලෙස සිකුරු ග්‍රහයාද දැක ගත හැකිය. තාපය උරාගත හැකි හරිතාගාර වායුන්ගෙන් සමන්විත වායුගෝලය නිසා සෞරග්‍රහ මණ්ඩලයේ උෂ්ණත්වය වැඩිම ග්‍රහයා සිකුරු වන අතර එහි මතුපීට උෂ්ණත්වය ජලය නටන උෂ්ණත්වය මෙන් හතර හමාර ගුණයක් හෙවත් සෙල්සියස් අංශක 467 පමණ වේ. බටහිර අහසේ සිකුරු ඉතාම දීප්තිමත්ව පෙනෙනුයේ  අප්‍රේල් 27 දින රාත්‍රියේදී ය. ඉදිරි සතිය තුළ අනෙකුත් ග්‍රහ සහ ලියිරිඩ් උල්කා වර්ෂාව නිරීක්ෂණය කිරීමට හොඳම කාලය අළුයම 4.00 සිට 5.30 දක්වා වේ. එකල ඔබට බ්‍රහස්පතිසෙනසුරු සහ අඟහරු ග්‍රහලෝක තුනක් අහසේ මුදුනට සමීපව පිහිටා ඇති අයුරුද හිරු උදාවට පෙර  බුධ ග්‍රහයා නැගෙනහිර ක්ෂිතිජයට ආසන්නවද දැක ගත හැකිය. මේ දිනවල වල රාත්‍රී අහසේ ක්ෂිරපතය ද හොදින් දිස්වේ. චන්ද්‍රයා හැර මෙම ආකාශ සංසිද්ධිය 2020 අප්‍රේල් 16 සිට 25  දක්වාමද දැකිය හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

පාසැල් සිසුන්හට අහස නරබා කොලයක තරු රටා සහ ක්ෂිරපතය ඇදීම, චන්ද්‍රයා සහ ග්‍රහ වස්තූන්ගේ දෛනික චලිතය තමා ඇදි තරු සටහනෙහි දිනපතා ලකුණු කිරීම වායු දූෂණය අවම වීම නිසා ඉතාම පැහැදිලි අහසක් සහිත මේ විරලව ලැබෙන කාලය තුල සිදුකරන ලෙස ට ද මහාචාර්ය චන්දන ජයරත්න ඉල්ලා සිට්යි.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment