කොවිඩ් – 19 වසංගතය පැතිරීම වැළැක්වීම සදහා මාසයකට අධික කාලයක් තිස්සේ වසා දමා තිබෙන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල අනුමැති ව්‍යාපෘති ලෙසින් ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලා යළි විවෘත කිරීමට මේ වන විට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය පවසයි.
ඒ අනුව මෙම කර්මාන්ත ශාලාවල සේවකයින්ට සේවයට වාර්තා කිරීම සදහා අව්‍යශ ඇදිරි නීති බලපත්‍ර ලබා දීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව වැඩි දුරටත් අයෝජන මණ්ඩලය පවසයි.
මෙසේ විවෘත කෙරෙන කර්මාන්තශාලා කොවිඩ් – 19 වසංගතය වැළැක්වීම සම්බන්ධයෙන් වූ රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත් අයෝජන මණ්ඩලය තවදුරටත් කියා සිටියේය.
මෙම කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරීම සදහා සේවක සේවිකාවන් ගෙන්වා ගැනීමේදී අවශ්‍ය ඇදිරි නීති බලපත්‍ර ලබා ගැනීමට අයදුම්පත් ranjithd@boi.lk යන විද්‍යුත් ලිපිනය වෙත යොමු කරන ලෙසත් ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය අදාළ ආයතනවලින් ඉල්ලා සිටියේය.
