කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුකොටගෙන ජීවනෝපාය මාර්ග අවහිර වී ඇති ජනතාවට රජයෙන් ලබාෙදන රු. 5,000ක දීමනාව බෙදීම සම්බන්ධ කටයුතුවලින් ඉවත් වීමට සිදුව ඇති බව සංවර්ධන සේවා නිළධාරී සංගමෙය් සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි මහතා පැවසුවේය.
මේ වන විට එම වැඩසටහනට පුද්ගලයන් තෝරා ගැනීම ඇතුළු කටයුතු වසමේ කටයුතු කරනු ලබන අනෙකුත් නිළධාරීන් නොසලකා සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ට පමණක් පවරක් පැවරීම නිසා එම වැඩසටහන දේශපාලන මුහුණුවරක් ගැනීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් සූරියආරච්චි මහතා පවසයි.
තව දුරටත් අදහස් දැක්වූ සූරියආරච්චි මහතාට අනුව මෙම වසංගත තත්වය යටතේ ජීවනෝපාය මාර්ග අහිමි වූවන් සඳහා සමාජ ප‍්‍රතිලාභ වැඩසටහනට අනුව එක පවුලකට එක් වරක් පමණක් වන රු. 5000/- ක දීමනාව ලබා දීම සඳහා අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ අත්සනින් යුතු චක‍්‍රලේක අංක PTF/03/2020 හි සඳහන් පරිදි ග‍්‍රාම නිලධාරීවරයාගේ මූලිකත්වයෙන් වසමේ ක්‍ෂේත‍්‍ර නිලධාරීන් හා මහජන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ඡන්ද හිමි නාමලේකනය අනුව ප‍්‍රතිලාභ නාමලේකන සකස් කර යොමු කර සති 02 කටත් ආසන්න වී ඇත.
එසේ තිබිය දී නැවත DSD/HQ/DG අංක සහිත චක‍්‍රලේකයක් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 2020.04.12 වන දින නිකුත් කර ඇත. එම චක‍්‍රලේකය සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයා දක්වාම සෘජුවම අමතා ඇති අතර එහි සඳහන් පරිදි මීට පෙර ග‍්‍රාම නිලධාරීවරයාගේ මූලිකත්වයෙන් සකස් කළ නාම ලේකනය වෙනුවට සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයාගේ මූලිකත්වයෙන් ප‍්‍රතිලාභ නාමලේකනය සකස් කර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙස උපදෙස් ලබා දී ඇත.
සූරියආරච්චි මහතා තව දුරටත් පැවසුවේ 1994 සිට සමෘද්ධි ක්‍ෂේත‍්‍රයේ නිලධාරීන් සම්බන්ධයෙන් විවිධාකාරයේ දේශපාලන ප‍්‍රතිරූප නිර්මාණය වී ඇති අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එවකට ගොඩනැගුණු සන්ධාන රජයන්වල ඇතැම් ඇමතිවරු සමෘද්ධි නිලධාරීන් එම පක්ෂවල ඡන්ද මැෂිම බව ප‍්‍රකාශ කළ අවස්ථා රටේ ජනතාවට අමතක නැති බවයි. එවන් වටපිටාවක වසංගත තත්වය හමුවේ අසරණ වී සිටින ජනතාවට සහන සැලසීමේ රජයේ ජාතික අභිලාෂය විවිධ දේශපාලන කෝණ හරහා බිඳවැටීමට ඉඩ ඇත.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද ලිපියක් මගින් දැනුම් දුන් බව ඔහු කියා සිටියේය.
මේ අතර අද උදෑසන සමස්ථ ලංකා ග්‍රාම නිළධාරීන්ගේ සංගමය පැවසුවේ එම කටයුතුවලින් ඉවත් වීමට තම සංගමයද තීරණය කර ඇති බවයි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ රු. 5,000 දීමනාව ලබා දීම ලබන සදුදා (20) සිට ආරම්භ කරන බවයි.
