කොවිඩ් – 19 මර්දන උපක්‍රමවල යම් කිසි වෙනසක් සිදු කර ඇති බැවින් හමුවන රාේගීන්ගේ බහුතරය නිරාේධායනයට යොමු කර සිටින පුද්ගයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙෙද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.
ඒ අනුව ගතවුණු පැය 24 තුළ කොවිඩ් – 19 ආසාධිතයින් 14ක් පමණ හමුවූ අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිදු කෙරෙන PCR පරීක්ෂණවලින් එම පිරිස් හදුනා ගෙන ඇති බවත් ඔහු පැවසුවේය.
තව දුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙෙද්‍ය ජාසිංහ පැවසුවේ නිරෝධායනයට ලක් කර ඇති පුද්ගලයන්ගෙන් ආසාධිතයන් හමු වුවද ඊට පෙර ඔවුන් සමග සම්බන්ධකම් පැවැත්වූ සියලු දෙනා කෙරෙහි අවධානය යොමු කොට ඔවුන්ද පරීක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බවයි.
වෙෙරසය පැතිරීම පාලනය කිරීම සම්බන්ධයෙන් යම්කිසි ප්‍රගතියක් පෙන්නුම් කළද ඒ පිළිබද ඇති අවදානම තවමත් ඉවත් වී නොමැති අතර එනිසා තවදුරටත් ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මේ අතර නව රෝගීන් 14 දෙනාද සමග මෙරට කොවිඩ් – 19 ආසාධිතයින්ගේ සංඛ්‍යාව 217 දක්වා ඉහළ ගොස් ඇති අතර සම්පූර්ණ සුවය ලබා පිටව ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 56ක් වන බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවසුවේය.
එසේම මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ් – 19 බවට තහවුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව 154ක් වන අතර සැක සහිතව වෙෙද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 117ක් පමණ වන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැවසුවේය.
ශ්‍රී ලංකාවේ වාර්තා වූ කොවිඩ් – 19 මරණ සංඛ්‍යාව 07කි.
