කොවිඩ් – 19 වසංගත තත්ත්වය පැතිරීම මර්දනය කිරීම සදහා වසා දමා තිබූ බණ්ඩාරගම ප්‍රදේශයේ අටළුගම අද දින යළි විවෘත කළ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.
මෙම ගම්මානයෙන් කොවිඩ් – 19 රෝගියෙක් හමුවීමත් සමග වසා දැමුණු එම ගම්මානය දැන් එහ අවදානම පහව ගොස් ඇති බැවින් යළි විවෘත කර තිබේ.
මේ අතර බේරුවල පන්නිල සහ චීන කොටුව යන ගම්මාන දෙක අද උදෑසන හුදෙකලා කොට වසා දැමීමට තීරණය කළ බවත් යුධ හමුදාපතිවරයා පවසයි.
පසුගියද දින කිහිපය තුළ නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවූ කොවිඩ් – 19 ආසාධිතයන්ගෙන් 16 දෙනෙකුම මෙම ගම්මාන දෙකෙන් නිරෝධායන මධ්‍යස්ථාන වෙතට යොමු කළ අය නිසා තව දුරටත් එම ගම්මාන පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කිරීමට මෙසේ වසා දමන බව ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.
