ඇදිරි නීතියට අදාළ නීති රීති කඩ කිරීමට ආධාර අනුබල දීම සහ පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කළේයැයි සැක පිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (13) දින මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව අද (13) දහවල් පුද්ගලයෙකු හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හමුවීමට මාදවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයට පැමිණ ඇති අතර එහි සිටි පොලිස් නිළධාරීන් ඇදිරි නීති බලපත්‍ර පිළිබදව විමසූ විට පැමිණි පුද්ගලයා දුරකථන ඇමතුමක් ලබා ගෙන සුළු මොහොතකින් එම ස්ථානයට රන්ජන් රාමනායක මහතා පැමිණ ඇත.
ඉන්පසු පොලිස් උපදෙස් නොකත එම පුද්ගලයා තම මන්ත්‍රී නිවාසයට රැගෙන යාමට කටයුතු කර ඇති අතර ඒ හේතුවෙන් එම පුද්ගලයා සහ හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවත් පොලිසිය පැවසුවේය.
මේ සම්බන්ධයෙන් නිකුත් වූ වීඩියෝ පටයක රන්ජන් රාමනායක මහතා පොලිස් නිළධාරීන් සමග බහින්බස් වන අයුරුද මාධ්‍ය ඔස්සේ වාර්තා කරන ලදී.
