මැතිවරණ එපා යළි පාර්ලිමේන්තුව කැදවන්න – ජවිපෙ

by admindasun
0 comment 58 views

පවතින කොවිඩ් – 19 තත්ත්වය හේතුකොටගෙන මැතිවරණ පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උඩ මැතිවරණය කෙසේ හෝ පැවැත්වීමට හදිසි නොවී ජනාධිපතිවරයාට ඇති බලතල භාවිතා කොට පාර්ලිමේන්තුව යළි කැදවන ලෙස ජනතා විමුක්ති පෙරමුණ අද දින කියා සිටියේය.

පක්ෂ මූලස්ථානයේ සිට අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මැතිවරණ කොමිසමේ නිරීක්ෂණවලට අනුව පාර්ලිමේන්තුව විසුරුවන ලද මාර්තු 02 වන දින සිට මාස 03ක් තුළ නව පාර්ලිමේන්තුව රැස් විය නොහැක.

එනිසා ජනාධිපතිවරයාගෙන් ඒ පිළිබද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ශේ‍ර්ෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස ඉල්ලා සිටියද ජනාධිපතිවරයා විසින් ඊට ලබා දුන් පිළිතුරෙන් පිළිබිඹු වන්නේ කෙසේ හෝ මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සැරසෙන බවයි.  මේ මොහොතේ ඇති අවදානම පිළිබද නොසිතා බල ලෝභීත්වයෙන් මෙවැනි තීරණවලට එළඹීම රටේ පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සැලකූ කල අතිශය භයානක බවත් දිසානායක මහතා පැවසුවේය.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ වන විට මැතිවරණ කොමිසම හා රජය අතර ප්‍රසිද්ධ ගැටුමක් නිර්මාණය වී තිබෙන බවයි.

පැවති පාර්ලිමේන්තුව 2020 සැප්තැම්බර් 02 වන දින දක්වා වලංගු වුවත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමට බලය ලැබුණු පළමු දිනම එය විසුරුවා හැරීමට කටයුතු කළේ ඒ වන විට තිබුණු කොවිඩ් – 19 අවදානමද නොසලකා හැර බවත් ඔහු කියා සිටියේය.

මෙවන් මොහොතක පාර්ලිමේන්තුව කැදවීමට ජනාධිපතිවරයාට බලතල ලබා දී තිබෙන්නේ මෙවැනි අසීරු අවස්ථාවන්හිදී පාවිච්චි කිරීමට බවත් එනිසා මැතවරණයකට හදිසි නොවී යළි පාර්ලිමේන්තුව කැදවන ලෙසත් දිසානායක මහතා පැවසුවේය.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment