OPPO F15 ශ්‍රී ලංකාවේ එළිදක්වයි

by admindasun
0 comment 120 views

OPPO සිය නවතම ජංගම දුරකථනය වන OPPO F15 පසුගියදා ශ්‍රී ලංකාවේදී එළිදක්වන ලදී. OPPO F15 හි 8GB RAM සහ 128 GB ROM එකකින් සමන්විත වන නිසා විශිෂ්ඨ අත්දැකීමක් සහ ප්‍රමාණවත් දත්ත ගබඩාවක් ලබා දෙමින් මෙම නව දුරකථනය වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු මෙන් විශිෂ්ඨ මට්ටමේ ඡායාරූප ගැනීමටද උපකාරී වෙයි.

බොහෝ විප්ලවීය හදුන්වාදීම් සහ නවෝත්පාදනයන් වෙත යොමු වී ඇති OPPO F15 එළිදැක්වීම ඔන්ලයින් දියත් කිරීමක් ලෙස සිදු කිරීම එහි විචිත්‍රවත් ගමනේ තවත් විප්ලවීය කටයුත්තක් වූ අතර අන්තර්ජාලය හරහා සිදුවූ මෙම අවස්ථාවට මෙරට සුවහසක් පේ‍ර්ක්ෂකයන්ගේ ආකර්ෂණය දිනාගත් දෙවෙන ඉනිම ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වන රවීන් කණිෂ්ක, කෝටිපතියෝ ටෙලි නාට්‍යයේ රශ්මිගේ චරිතයට පණ පෙවූ ජනප්‍රිය නිළියක සහ නිරූපණ ශිල්පිනියක වන සදනි ප්‍රනාන්දු සහ රටේ ප්‍රමුඛතම තාක්ෂණික බ්ලෝග්කරුවන් වන Chinux Bro සහභාගී වූහ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment