කොවිඩ් – 19 වසංගතය නිසා මෙවර අප්‍රේල් පාසල් නිවාඩුව කලින් ලබාදීම හේතුවෙන් පාසල් දරුවන් මේ වන විට වැඩි කාලයක් නිවසේ ගත කරන වටපිටාවක එම කාලය ඵලදායී ලෙස යොදාගත හැකි මගක් පිළිබදව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේය.
අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පසුගියදා මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් මෙරට සිසු පරපුරෙන් විවෘත ආරාධනයක් කරමින් ඉල්ලා සිටියේ මේ නිවාඩු කාලය තුළ හැම පාසල් දරුවෙකුටම පොතක් ලිවීම ආරම්භ කරන ලෙසයි.
තව දුරටත් අදහස් දක්වමින් අලහප්පෙරුම මහතා පැවසුවේ මේ වන විට නිවසේ ගත කරන කාලය තුළ තමාගේ සිතන නැගෙන කරුණු මෙන්ම මෙම කාලය ගත කරන ආකාරය පිළිබදව මෙසේ දරුවන් විසින් ලියවෙන ලේඛණ 10,000ක් පමණ එළඹෙන සාහිත්‍ය මාසය වන සැප්තැම්බර් මාසයේදී පොතක් ලෙස එළිදැක්වීමට බලාපොරොත්තු වන බවයි.
මෙරට ලක්ෂ 43ක් පමණ වූ සිසු පරපුරට එම කාර්යයේ නිරත වන ලෙස තමා විවෘත ආරාධනාවක් කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අලහප්පෙරුම මහතා පැවසුවේය.
