රාජගිරිය සහ සොයිසාපුර යුධ හමුදා ප්‍රසංග

by admindasun
0 comment 32 views

කොවිඩ් – 19 වසංගතය වැළැක්වීමේ නිරෝධායනය කාල සීමාව තුළ ක්‍රියාත්මක කර ඇති ඇදිරි නීතිය හේතුවෙන් නිවසට කොටු වී සිටින ජනතාවට අස්වැස්ලලක් වීමට ත්‍රිවිධ හමුදා මෙන්ම පොලිස් තූර්ය වාදක කණ්ඩායම් කොළඹ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණ අසළ සංගීත ප්‍රසංග පැවැත්වීම මීට දින කිහිපයක පෙර ආරම්භ කෙරුණි.

ඒ අනුව පසුගිය බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල රාජගිරිය ෆෙයා මවුන්ට් මහල් නිවාස සංකීර්ණය අසළ  සහ මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණය අසළ යුධ හමුදා වාදක කණ්ඩායම් විසින් සංගීත ප්‍රසංග පවත්වන ලදී.

භාතිය, සන්තූෂ්. සමන් ද සිල්වා ඇතුළු ගායක ගායිකාවන් කිහිප දෙනෙක්ද මෙම ප්‍රසංග වර්ණවත් කිරීමට තම දායකත්වය ලබා දුණි.

මෙහිදී මෙම ප්‍රදේශවල මහල් නිවැසියන්ගෙන් ශ්‍රී ලංකා යුධ හමුදාවට පැසසුම් එල්ල වුණු අතර මෙවැනි අවස්ථාවක ආරක්ෂක අංශ විසින් සිදු කරන මෙවැනි දේ අතිශයින් අගය කර සිටින බවත් පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment