ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ජංගම දුරකථන හා උපාංග සන්නාමයක් වන OPPO, දෙරණ Dream Star වැඩසටහන සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. මෙරට තුළ සුවිශාල ලෙස ජනාදරයට පාත්‍ර වී ඇති රියැලිටි වැඩසටහනක් වන දෙරණ Dream Star මෙවර ක්‍රියාත්මක වන්නේ 10 වන වරට ය.
රියැලිටි ක්‍රමයට ක්‍රියාත්මක වන ගායන තරගයක් වන දෙරණ Dream Star වැඩසටහන මේ වනවිට උපේඛා නිර්මාණි, උදේශ් ඉන්දුල සහ රවීන් කනිෂ්ක (දෙවෙනි ඉනිම ඔස්සේ ජනප්‍රියත්වයට පත්වූ) ඇතුළු දක්ෂයන් රැසක් රටට හඳුන්වා දී තිබේ. වැඩසටහනේ මූලික අරමුණ දක්ෂතා සපිරි ගායක ගායිකාවන් හඳුනා ගැනීම වුවද ඊට එක්වූ තරගකරුවන් හා තරගකාරියන් බොහෝ දෙනෙකු මේ වනවිට රංගන ශිල්පය, නිරූපණ ශිල්පය සහ නිවේදන ශිල්පය ඇතුළු විවිධ අංශ ඔස්සේ ඉදිරියට යාමට සමත් වී ඇත.
නව හවුල්කාරීත්වය යටතේ, විශේෂයෙන්ම මෙරට තරුණ පෙළ අතර විශාල ජනප්‍රියත්වයක් දිනා ඇති OPPO F19 Pro ඇතුළු OPPO දුරකථන හා උපාංග දෙරණ Dream Star හරහා තවදුරටත් පාරිභෝගිකයන් වෙත සමීප කරවීමට OPPO Sri Lanka සමාගමට අවස්ථාව ලැබේ. වැඩසටහන තූළ ‘Dual-View Video Moment’නම් වූ අංගයක් ඇතුළත් වන අතර එහිදී Dual-View Video විශේෂාංගය භාවිතා කරමින් ලබාගත් වීඩියෝවක් ප්‍රදර්ශනය කෙරෙනු ඇත. දෙරණ Dream Star 2021 අදියර මාස 6 ක කාලයක් ක්‍රියාත්මක වේ.
“රටේ දක්ෂයන් රටට හෙළිකරන දෙරණ Dream Star වැඩසටහන සමග එක්වීමට ලැබීම අපට මහත් සතුටක්. මෙම වැඩසටහන තුළින් නවක තරු රැසක් මතුවන ආකාරය අප පසුගිය කාලය පුරාම දුටුවා. මෙම නවතම අදියරත් එවැනි දක්ෂයන් කරළියට ගෙනෙන විශිෂ්ට තලයේ වැඩසටහනක් වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ. මෑතකදී වෙළඳපොළට හඳුන්වා දුන් OPPO F19 Pro මාදිලිය මෙම වැඩසටහන පුරාම විශේෂ අවධානයකට පාත්‍ර වේවි. වැඩසටහන තුළදී නිවේදකයන් විසින් ‘Dual-View Video’ විශේෂාංගය භාවිතයෙන් සෙල්ෆි වීඩියෝවක් ලබාගැනීමට නියමිතයි. ඊට අමතරව OPPO F19 Pro මාදිලිය තරගකරුවන්ට ලකූණු ලබාදීමේ පහසුව සඳහා විනිශ්චයකරුවන්ගේ මේසය මත තබා තිබෙනවා” OPPO Sri Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය.
OPPO F19 Pro මාදිලියේ ප්‍රථම දින අලෙවිය, ඊට පෙර හඳුන්වා දුන් මාදිලිය වන F17 Pro මාදිලියේ ප්‍රථම දින අලෙවියට සාපේක්ෂව 200% ක වර්ධනයක් පෙන්නුම් කළේ ය. අලංකාර, හුරුබුහුටි නිමාවක් සමගින් එන OPPO F19 Pro මාදිලිය විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වල භාවිතය සඳහා ඡායාරූප සහ වීඩියෝ නිර්මාණය කරන්නන්ට ගැළපෙන විශේෂාංග රැසකින් යුක්ත වේ. 2.2 GB දක්වා වේගයක් ලබාදෙන 2ARM Cortex A-75 Pro Cores සහ MediaTeckHelio P95 Octa-core ප්‍රොසෙසරයක් සහිත නිසා එය බාධාවීම් වලින් තොර අධිවේගී ක්රියාකාරීත්වයක්ද ලබාදෙයි.
ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ OPPO F19 Pro හි සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරයි.