අයි පී එල් අවලංගු කළොත් සංවිධායකයන් අමාරුවේ

by admindasun
0 comment 17 views

මේ වසරේ පැවැත්වීමට නියමිත ඉන්දියානු අයි පී එල් ක්‍රිකට් තරගාවලිය අවලංගු කිරීමට සිදුවුවහොත් සංවිධායකවරුන්ට ඉමහත් පාඩුවක් විද දරා ගැනීමට සිදු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විටත් අනග්‍රාහකයන් සමග ගිවිසුම්වලට එළඹ ඇති අතර විකාශන කටයුතු සදහාද සිදු කරන ලද ගිවිසුම් හේතුවෙන් තරගාවලිය අවලංගු කළහොත් ඇමරිකානු ඩාෙලර් මිලියන 500ක පමණ පාඩුවක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ තරගාවලියේ අනෙකුත් පාර්වකරුවන්ට සිදු වන බවත් එම වාර්තා වැඩි දුරටත් සදහන් කළේය.

තව දුරටත් එම වාර්තා පැවසුවේ මෙවැනි තත්ත්වයක් සදහා රක්ෂණ ආවරණයක්ද තරගාවලිය සදහා ලබා ගෙන නොමැති බවයි.

නිළ වශයෙන් අයි පී එල් තරගාවලිය මාර්තු 31 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත් කොවිඩ් – 19 වසංගත තත්ත්වය නිසා අප්‍රේල් 15 වන දින දක්වා කල තබන ලදී.

කෙසේ වෙතත් මේ වන විටත් ඉන්දියාව දින 21කට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර මේ වන විට 6700කට පමණ වෙෙරසය ආසාධනය වී ඇත. මියගිය සංඛ්‍යාව 206කි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment