අවදානම් කලාපවල හැර අනෙකුත් ෆාමසි විවෘතයි

by admindasun
0 comment 47 views

කොවිඩ් – 19 වෙෙරසය පැතිරීම සම්බන්ධයෙන් අවදානම් කලාප හැර ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල ඇදිරි නීතිය පැවතියද සියලු ෆාමසි විවෘතව තබන බව රජය නිවේදනය කළේය.

ඒ අනුව අදාළ ප්‍රදේශවල ෆාමසි උදේ 09 සිට සවස 02 දක්වා විවෘතව තබන බව අත්‍යවශ්‍ය සේවා සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි.

මේ වන විට කොවිඩ් – 19 සම්බන්ධයෙන් අවදානම් කලාප ලෙස කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හදුනාගෙන ඇති අතර එම දිස්ත්‍රික්කවල යළි දැනුම් දෙන තුරු ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ඇත. අනෙකුත් දිස්ත්‍රික්ක 19 තුළ විටින් විට ඇදිරි නීතිය ලිහිල් කරන ලද අතර අප්‍රේල් 14 වනදා උදේ 06 තෙක් ක්‍රියාත්මක වේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment