තවත් කොවිඩ් – 19 රෝගීන් 04කට සම්පූර්ණ සුවය

by admindasun
0 comment 11 views

කොවඩ් – 19 වැළදීමෙන් මෙරට රජයේ රෝහල්වල ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 04 දෙනෙකු අද සවස තම නිවෙස් බලා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

ඒ අනුව අද දිනයේදී සුවය ලබා පිටව ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 05ක් වන අතර ඒත් සමග සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 54 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

කෙසේ වෙතත් මේ වන තෙක් අද දිනයේදී රෝගය වැළදුණු පුද්ගලයන් ශ්‍රී ලංකාවෙන් හමු වූයේ නැති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙෙද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment