මෙරට වෙළෙද පොළේ අලෙවි කෙරෙන සහල් සදහා අද සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිලක් පනවා ඇති බව අද සවස රජය විසින් නිවේදනය කළේය.
ඒ අනුව මෙරට සිල්ලර වෙළෙද පොළේ අලෙවි වන රතු / සුදු කිලෝවක මිල රු. 85ක්ද, සම්බා සහ නාඩු කිලෝවක මිල රුපියල් 90 ද, කීරි සම්බා කිලෝවක මිල රු. 125ක්ද වන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
කොවිඩ් 19 වැළැක්වීම සදහා නිරෝධායන කටයුතු සිදු කෙරෙන කාල සීමාව තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට පහසු වන අයුරින් ලබා දීමට රජය විසින් මෙම පියවර ගෙන ඇති බව ඒ පිළිබදව පත් කර ඇති ජනාධිපති කාර්ය සාධන බලකායේ නියෝජිතයෙක් අප වෙත පැවසුවේය.
